ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මුහුණු පොත

මුහුණු පොත

චන්දන ෆොන්සේකා - ලන්ඩනය
2021-May

කොටන්න හිතුනම කොටනවා ආතපාත නැතුව
දාන්න හිතුනම දානවා මෙලෝ රහක් නැතුව
ඕන දෙයයි එපා දෙයයි පටල ගන්නෙ නැතුව
මුහුණු පොතට රිංගමු අපි අනා ගන්නෙ නැතුව

ෆෝන් එකට හසුවන හැම දෙයක් ම එහි දාලා
මල විගඩම් live වලින් පිස්සු කෙරුම් කරලා
සිහි විකලෙන් කරනවු  ඒ මනස්ගාත පිරිලා
වෙරි හිදුනම ලජ්ජා වෙයි  රෙදි හැම ගැලවීලා

ඕන දෙයි එපා දෙයයි නිතරම කොට කොටා
ලොව ඉදිරියෙ සිනාවකට බිලි වෙනවට වඩා
තෝරා බේරා කර ගත්තොත් හොඳට සිතා බලා
ඉන්නට හැකිවෙයි ඔබහට සතුටින් ඉපිළිලා

ලොකු පොඩි කාටත් හොඳ මිතුරෙක් කරගෙන
වටිනා කාලයත් හොඳට මැනේජ් කරගෙන
මුහුණු පොතේ සරිසරුවොත් හරියට දැනගෙන
හොඳක් මිසක අවැඩක් නම් නැත්තේ කිසි දින