ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳවතිය සැඟවිලා

සඳවතිය සැඟවිලා

අන්ජලී චන්දිමා සිල්වා - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2022-August

විසල් අහසට
පෙම් බැඳන් උන්
සඳවතිය නෑ සැඟවිලා
ඒ පෙමට නිති
සහය දැක්වූ
තරුත් දුකටම මැලවිලා
විසල් අහසම තනිවෙලා
කඳුලු සලමින් වැලපිලා
ඒ කඳුලුවල
පහස ලබමින්
පොළව සතුටින් ඉපිලිලා

අංජලී චන්දිමා සිල්වා
ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය