ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

🌷තවත් මල් ,,,,,,,,,,,,,,,

🌷තවත් මල් ,,,,,,,,,,,,,,,

වෛද්‍ය ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ - බැසිල්ඩන් එංගලන්තය
2022-May

නොසන්සුන්වූ රැයක සිතිවිලි
ඇඳ රෙද්ද මත රටා ඇඳුනා
පයෝදර අතරේ ලැගුම් ගත්
හිතත් මිරිකී ඉවත වැටුනා
ඉසින්නට කහ දියර තැවරුනු
දෙහි ඉත්තේ කටු හිතෙත් ඇනුනා
මළගමට ආ නොආ සැමටම
උගේ ගැන ලොකු කථා තිබුනා

වෙඩි වැදී මළ කඳ ගෙනාවම
පුතේ මට අද ගොඩක් ඇඬුනා
මටත් නුඹටත් වැරදි ඇති බව
මගේ හිත මට කියනු ඇහුනා
සටන් කරනට යුක්තියට හිත
හුරු කලේ ඇයි දුකක් හිතුනා
එත් නුඹ නැති අඩුව පුරනට
තවත් මල් පූදිනවා පෙනුනා

AnA 2021

එක්සත් රාජධානිය.