ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මීදුමින් වැසී ගිය

මීදුමින් වැසී ගිය

චන්දන ගුණසේකර - ලන්ඩනය (ලේඛක, පරිවර්තක)
2022-November

මනාවට නිමැවූ පාර පාළුය

නීතියට අවනතව පිළිවෙලට දිවෙනා

වාහනද විනීතය

හිතට වදයක් නොමැතිව

ධාවනය පහසුය

එහෙත් හදවත අවුළ්ය…

මව්බිමේ මහමඟක

දහඩියෙන් වත පෙඟුණු

එළවළුවක් දෙකක් රැඳි බෑගයක් ගත්

මිනිසුන් සහ ගැහැනුන් මතක් වේ

දෙපස ඇති කඩ පිළක පිසෙනා

රොටියක සුවඳ නාසයෙ රැඳේ

ඉඳහිටක වාහනේට එඹෙනා

බුලත් කහටැති සුහඳ සිනහවක්

නෙතු මැවේ

ඒ සැම අතරින් එදා විඳි

නාමල් සුවඳකින් හද කිතිකැවේ…

චන්දන ගුණසේකර

30.09.2022