ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සඳවතිය ….

සඳවතිය ….

කමනිකා මොහොට්ටිගේ
2023-February

නොනිම් තෙර සසර මඟ යනෙන කල්
සෙවනැල්ල වෙලා ළඟ හිඳින්නැති
දැවුණු ලොව නිවා මෙත් වඩන්නට
සඳවතිය පාර එළි කරන්නැති
දස පෙරුම් සමතිසින් පුරන්නට
සඳවතද නොසැලි දුක දරන්නැති
දෙපා මුළ වැටී ගිණි නිවන්නට
සඳවතිය මුදු ලෙසට මැවෙන්නැති …
.