ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිදුනු හද මල

බිදුනු හද මල

රේණුකා වීරසිංහ - මෙල්බර්න්
2023-August

විශ්වාසයේ සොදුරු මල පරවී වැටුන කල
යලි කිසිදු උයනක , පිපී මුකුලිත වනු මා දැක නැත

ගලක් කල ඒ සොදුරු හදවත
මෙලෙක් වේ දැයි කාට කිව හැක

රිදී මැලවූ ප්‍රේම මල් දම
යලිදු කිසිදින පිපෙනු නැතිමුත්
සදාකාලික රිදුනු හදවත
නගන දුක් හඩ
කිසිදු දවසක නතර වනු නැත……..

රේණු
22/07/23