ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කුසුම

කුසුම

වසන්තා ප්‍රියංගිකා
2023-April

තෙත බරිත නුවන් අග
සිනා හසකැන් මවා

ගිමන ලග සිසිල ගෙන
මද පවනේ දැවටිලා

නොසිතු මොහොතක නුඹේ
හද විලම කළඹලා

පිපෙමි මම කුසුමක්ව
නැවුමි සුවදක් වෙලා………. !!