ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

$ සොයනා යන්තරේ

$ සොයනා යන්තරේ

සන්ධ්‍යා ද සිල්වා
2022-March

අහුමුඵවල කඩපිල් වල ඇවිදින මැතිදුන් නිතර මතුරන මන්තරේ
සමාජජාලාවන් අනුමාන වපුරමින් $ හොරු සොයනා සුත්තරේ
පෝළිම් වල සැප සොයමින් ආණ්ඩුවට බැන වදිනා කෝන්තරේ
අන්දමන්දවී අද කවුරුත් විමසන නැතිවු $ සොයනා යන්තරේ

සරුව පිත්තළ ලොවක වසනා – ගැහැණුන් සහ මිනිසුන්
දියව් යනුවෙන් හඬ නැගූ සැම විට සැනසුවේ- ඡන්දය ගනු රිසින්
ගෙවූ මුදළට සේවය කළාදැය් නොසෙව්වේ අමනාප වේයැය් බියෙන්
අවැසි/අනවැසි සියඵ දේ ආනයනය කොට- සැනසුවේ $ අනුහසින්

දුගී දුප්පත් ගොවින්ට පොහොර ආනයනය කර නොමිලේ ලබාදුන්
එකට හතරක් පොහොර යොදමින් පොහොසත් වීමට කියාදුන්
අස්වැන්න කැමති කෙනෙකුට කැමති ගනණට විකිනීමට ඉඩ ලබා දුන්
ඉහළ යන සහල් මිළ විට ආනයනයෙන් පාලනය කර ලාබෙට කන්න දුන් –

Scootyයේ යන දුගින්ට බදු මුදල් ඉවත් කොට ලාබෙට කාර් දුන්
ඒ කාර් දුවවන්න නයට ඉන්ධන ආනයනය කර පාඩුවට ලබා දුන්
මාර්ග තදබදය නිසා වැඩිවු ඉන්ධන දහනයට පිළියමක් නොදුන්
කවුරුන්ද විමසනු- ඒ $ වියදම්කර ලාබ ඉපැයු පින්වතුන්

ලෙඩට බියවී අගුලු දැමූ රට තුළ නිසි කළට පඩි ලැබූවන්
තවත්ඉල්ලා රඟන විට, ලෙඩ පතුරමින්-අත්පොළොසන් දුන් එවුන්
විමසුයේද කිසිවිටක? කවුරුන්ද, කෙසේද උපයන්නේ ඒ මුදල්
දරන්නේකෙසේද? ඔවුන්ගේ වැඩි බර -සටනට පණ නැති එවුන්

රූපවාහීනී තිරය මත වැඩසිටිමින් $ සොයනා ආචාරියන්
පෝළිම් වල වැඩ සිටිමින් දෙස් දෙවොල් තියනා මහාචාරියන්
අමතකද? ඉල්ලුම සහ සැපයුම පිළිබඳ මුළික නියමයන්
සැපයුම නොමැතිව ඉල්ලුම පිළිබඳ හඬනගන්නේ හිඟන්නන්

තමන් උපයනා මුදල වෙනුවෙන්-අවංකව සේවය කරමින්
ඇතොත් අඩුපාඩු- රට වෙනුවෙන් නිහඬව විඳ දරා ගනිමින්
ඡන්දය නිසා සැත්තෑවසරක් වැනසුනු දේශය ගොඩනගමින්
නැගී සිටින්නට අදිටන් කරමු -නිවහල් දිරිය මිනිසුන් ලෙසින්