ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

චියර්ස්.

චියර්ස්.

වෛද්‍ය චතුර එම්. විමලරත්න - වැල්ලවාය
2023-June

අඩියක් ගහන තැනක
“එයා බඩ්ඩක්” කිව්වම
බූට් කාපු මම
පත්තු කලා දුමක්(බීඩියක් )

අවුලක් නැති උනාම
නෝන්ඩි කරලා වට්ටන්න
ගලවන්න බැරි දතක් වගේ
උංට තිබුනා “නමක් ”

වහ බිව්වේ නැති උනාට
වහ වෙච්ච ජිවිතේක
වම් කර්ණිකාව උඩ
මමත් දැක්කා”හිලක්’

පිච්ච මල් පාත්තියක
ඉරට නොපෙනෙන මලෙක
පුංච් සුදු පෙති අතර
කුඩිත්තෙක්ට තිබිල ඉඩක්

හුළඟට නිවුස් එකක්
පොළොවට කෝලමක්
උඹට ගේමක් උනාට
ඒක මට තව බණක්

සංසාරේ හැමදාම
යශෝදරා කියා දුන්නෙම
ආදරේ කියන්නෙත්
අප්‍රමාණ දුකක්.