ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නුඹ විය මගෙ හිරු තරුව

නුඹ විය මගෙ හිරු තරුව

පුබුදු ලක්මිණි - මාතර
2024-February

රංමැලි වෙහෙර විය සදහහම් ගුණ දැරුව
නිල් කෙත් යාය විය අපෙ බත සරි කෙරුව
සක්විති රජෙක් විය එඩිබල කම් පිරුව
අප්පචියේ නුඹ විය මගෙ හිරු තරුව

සංකා තියා හදවත දුක අවුලාලා
කඳුළක තියා දෙනයන රතුකරවාලා
හැඬුමක තියා ඉකිබිඳුමන් රන්දාලා
නුඹ දුරගියා අ⁣ප ලොව තනි කරවාලා

පෙරුමන් පුරන සසරක යන දිගු ගමන
පතනා දිනෙක අජරාමර අම නිවන
බෝසත්වෙලා ⁣භවයක බුදු බව පතන
රාහුල වෙලා එන්නෙමි පොඩි පුතු එදින