ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතුවිලි

සිතුවිලි

මාලිනී හෑගොඩ - USA
2023-August

වෙරළක් දකින හැම විට
ලුණු රසක් ඒ සමග මුසුකොට
උණුසුම් හාදුවක් හනිකට
දැනි දැනී යයි දෙතොලට

ලොමු ඩැහැ ගැනෙයි එකවිට
ඇත්තටම ඒ නෙවෙයි සීතලට
නැගෙන බිඳෙන රැළි විලසට
සිතිවිලි නැඟෙයි බිඳෙයි හිත යට

මද සුළඟ නැළවි නැළවී එන
කියන්නේ ඇයි රහස් සවනට
ඈතට ඈතට තවත් ඈතට
හැංඟිලා වැලලුණු අතීතෙක!

2023 ජූලි 23 දී
ඇමරිකා එක්සත් ජනපදයේ
දකුණු කැරොලිනා ප්‍රාන්තයේ
චාල්ස්ටන් නුවරදීය.