ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නොකියාම ගිය පියාණනි

නොකියාම ගිය පියාණනි

අංජලී චන්දිමා සිල්වා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2021-September

ජීවිතේ මංසලක
අපව තනි කර දමා
ආ මගින් හැරී
වෙනතක ගියා

බැඳුණු බැමි ලිහී ගොස්
තනිව පිය නඟන විට
ඔබ නොමැති අඩුව
මට තේරුණා

සෙනෙහසත් අපමණයි
හද ගැබේ රඳවා ගිය
ඔබ විටින් විට
එබී හිනැහුණා

හිතේ දුක තද කරන්
සිනාසී හිටියාට
නෙතේ හැංගුණ කඳුළ
ගිලිහුණා

යළිත් ඔබ නේන බව
දන්න මුත් සැක හැරම
ඔබෙ මතක හද කොනේ
සැඟවුණා