ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වැලන්ටයින් සිහිනයක්….

වැලන්ටයින් සිහිනයක්….

ශ්‍රියානි උඩගංගොඩ - මහනුවර
2022-February

රතු රෝස මල් පොකුරක් සමග චොකලට් අහුරක්
සුබ පැතුම් කවි කොලයක් ලදිමි විලසින් මහා වරමක්.
වැලන්ටයින් ලෙස දිනයක් දිනදසුනෙ රතුපාට කවයක්
හිත අස්සේ ඇත කිතියක් මේ ලෙසින් ඔහු නොවේකවදත්

කිමද බොරු වියදම් බොළද වී මගෙ හිමි තුලද වෙනසක්
විලස සිතමින් වරක් හිනැහුනා මගේ හිත මටකියාරහසක්
“ක්‍රීන්” හඩ සමගින් එලාමය හඩනැගුවෙන්
අවදි වී සැණෙකින් සිහිනයක් බව දුටිමි සැණෙකින්

අවදි කල මා මනස වැදී හිරු රැස් කිරණක්
නැතත් රතු මල් පොකුරක් දුටිමි සෙනෙහස් ගගුලක්
ලසු කොට කුමට එක් දිනයක් සදාකල් හිස රැදුණකිරුළක්
කැදැල්ලේ පිරි ඇති කවදත් ආදරය සදාතන දහමක්