ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බුදු සසුනට අති උතුම් පොහොයකි අද පුර නවම්……..

බුදු සසුනට අති උතුම් පොහොයකි අද පුර නවම්……..

ඒ. එම් .අබේසිංහ බණ්ඩා - මහනුවර
2022-February

සම්බුදු සසුනෙ අපෙ ගෞතම බුදුන්ගේ
සුරකිනු නියාවෙන් විනයද සඟුන්ගේ
පනවනු අදිටනින් ශික්ෂාවන් තෙරුන්ගේ
කැඳවනු ලැබූවෙ සමුළුව අප සඟුන්ගේ

පනවා බුදුන් ශික්ෂා සඟ පරපුරට
පෙන්වා පිරූ පෙරුමන් අගසව්වෙන්ට
කැඳවා සමිඳු සැරියුත් -මුගලන් පෙරට
පිදුවා පදවි අගසව්වන් පැතු ලෙසට

සපිරීමට පෙර අසූවිය බුදු සමිඳුන්ට
තෙමසට පෙර නවම් මහපෝයට
ආයුසංස්කාරය විය හරින්නට
බුදුහිමි වදාළා අනඳ මහ හිමියන්ට

දෙසුවේ එදා සමිඳුන් සඟුනට ඕවාද
පිදුවේ අසුවක් අගතැන් තනතුරුද
බැලුවේ විමසමින් තිබු මතබේද
බෙදුවේ ධූර නවම් පෝදා බුදු සමිද