ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සැරද! නෙතු හරින්න ඇන්තනී….

සැරද! නෙතු හරින්න ඇන්තනී….

චතුරි වික්‍රමාරච්චි - එක්සත් ජනපදය
2022-September

පනා
සේ
සාහිත රසයෙන්
බඩකට පුරවපු
නුඹ….

පුත්‍ර
යෙකු සේ
ප්‍රේමයෙන්
කලා මවට පෙම් කළ
නුඹ…..

කුහුඹු
වෙකු සේ
කඩිසරව
සිනමාව ජයගත්
නුඹ……

පැණි
සේ
ගයපු ගී මීවිත
රසයි
නුඹ……

එන්න
නැවත
බලා සිටිමු
එනකම්
නුඹ….

යලි
නැගිටින්න
මියුරු තෙපුල්
කියමු
අපී……

සුන්දර
මිනිසා
නුඹයි
පනා පුත්‍ර කුහුඹු පැණී……