ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ගිලිහී යන වසන්තය

ගිලිහී යන වසන්තය

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2023-November

සරත් තුරුපත්
ගිලිහි යද්දී එකින් එක…
නැවත නොඑනා
වසත් සමයේ…
මතක ස්වරයන්
ඉකි බිඳින හඬ…
ඇසී ළඟ ළඟ
එන සිසිරයට…
සුසුම් ස්වරයක්
මුහුකළා රහසේම…
හමා යන ඒ පවන් රැල්ලට…