ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අහස ගිනිගනී.

අහස ගිනිගනී.

ආරි ලියනගේ - ඉතාලිය
2023-July

බඩ පිට පොත්තට ඇලුනු
දරුවන් දෙස බලා හූල්ලන
උණට පැනඩෝල් පෙත්තක්
ෆාමසිය ලඟ හිඟාකන
කිරි නොඑරෙන තන පුඩු
තෙත් කලා ලෝදිය කඳුළු කැට
කම්පාවුනා අහස් තල
ගිණියම්ව ගැටී එකිනෙක
ගිණි ගත්තෙ මුලු අහස අද.