ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඇහැල මල්..

ඇහැල මල්..

චන්දන ගුණසේකර
2021-July

පොසොන් සඳ අවපසට යන සඳ
ඇහැල මල් පූදින නිමේශය
තිසා වැව් ජල තලේ පොපියන
තඹර තරමට දන්නෙ කවුරුද …?

කහම කහ පාටින් දිදුලුවන
සිවුරු පොරවා ගත්තු තුරු පෙළ
ඇසල පෝයට සමිඳු පුදනට
මග දෙපස පේවෙන අපූරුව ……

අතු පුරා එල්ලෙනා මල් වැල්
හමන පවනේ එතී සිහිලැල්
පලාතෙම කහ පැහැය තවරයි
උමතු කරවා බඹර හසරැල්……