ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සංචාරකයාට වන අලියා කියූ කවක්

සංචාරකයාට වන අලියා කියූ කවක්

තීෂ්‍යා දුල්මිණි - හෝමාගම
2022-September

නිමිත්ත- යාල සංචාරක බංගලාවක ලැගුම්ගත්, සුපුරුදු සංචාරකයෙක් වෙත වන අලියෙකු පැමිණ, ආහාර ඉල්ලයි…

වසරක් පතා අප නෑයන් බැලීමට
පැමිණෙන වගක් පැවසූවා ඔවුන් මට
එනමුත් නුදුටුවෙමි නුඹ මගෙ ඇස් දෙකට
එහෙයින් පැමිණියෙමි මම නුඹ දැකීමට

මාගේ නිවස ඇත්තේ බෝ දුර බැහැර
එනිසයි රෑ වුණේ එන්නට නුඹෙ ගෙදර
ගමනේ මහන්සිය දැනුණා ඒ අතර
දෙන්නට හැකිද මගෙ කුසගින්නට අහර

මහ රෑ ගමන බියකරු වේ ඉතින් මට
හැම මිනිසෙකුම නුඹ වාගේ නැත අපට
ගිනි බට පත්තු වේ මානා ගෙන දළට
අවසර දෙන්න, යන්නම් මම උදෙන් හෙට

(සේයා – මහාචාර්ය කේ. සරත් ඩී. පෙරේරා මහතා)