ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට

ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2023-October

ව්‍යධිවේදී ප්රෑට් දොස්තර නෝනාට – ඇමෙරිකානු කවියකු වූ රේමන්ඩ් කාවර් ( Remond Carver ) ගේ Poem for Pathologist lady Pathologist කවියේ අනුවාදය

සිහිනෙන් දුටිමි රෑ පෙරදින -පුජකතුමකු පැමිණි මා වෙත
ඇට පෑදුණු මගේ සුදුමැලි දෑත් – ඔහුගේ සුදු දෑතින්ම ගෙන
මුදු ගතිය පෑ ඔහු – බිය නොගන්වයි මා හද
දැළක් මෙන් ඇඟිලි ඇති – මැකෝමික් පුජක මෙන්

සැන්දෑ කල ආවෝය -ගෙබිම අමදින්නෝ
තෙත කොහු හා-රසායනික දියර ගෙන
මා නොදැක්කා සේ ය- ඔසප්වීම් ගැන දොඩන්නේ
ඇදෙයි එහාටත් මෙහාටත් මගේ ලෙඩ ඇඳ
වැළඳ ගති යන්ට පෙර ඔවුනොවුන්
පිරේ මගෙ කාමරය කොළවලින් සෙමෙන්
දනවමින් බිය මා හදට

විවර විය ජනේලය – ගලා එයි හිරු එළිය
හඬකි යාබද කාමරයෙන් – ඇඳක් කිරි කිරි ගාන
බරට දෙදෙනෙකුගේ -සංවාසයේ යෙදෙන
ඇසෙයි උගුර පාදන -මිනිසකු ගේ හඬ –
විවර වී ජල කරාම පිටත -දැනේ මට හිස් බවක්
පෙනේ කොළ පැහැ මේසයක්- පාවී යන ජනේලයෙන් පිටත

අනුරුවක් මගේ හදවතේ – තබා මේසය මත
සොයයි ඇය ස්නේහය- සුමුදු ඇඟිලිවලින්
නොනැවතෙන සිතිවිලි -ජනිත වෙයි මා සිරුර තුළ
දිගු කලක් ඈත පෙරදිග – විකුම් පා අනතුරුව
ප්‍රේමයෙන් මුසපත්ය -මා මේ දෑතට
සීතලය මගේ හද – සිතන්නට බැරි තරම්

27/09/23