ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බැට්‍රියක් හොයනවා

බැට්‍රියක් හොයනවා

නුවන් තොටවත්ත
2022-February

“මහත්තයෝ ඇයි පයිං ?
දැකල නෑ නෙව කලිං”

“මගෙ අලුත් කා එකේ
බැට්‍රියට කෙලවෙලා
ගන්න නෑ කොහේවත්
කා ලකණ්නි කා ලයක්
කා එක එකම තැන
කා කියා ගන්න බෑ
ජීවිතේ නැවතිලා

හොයනවා හොයනවා
දවස් ගානක් දැනට
පනින්නට හිතෙනවා
ඉඳල හිටලා ගඟට”

“හිත හයිය කරගන්න
හම්බවෙයි ඉවසන්න

මාත් මේ හොයනවා
ඉඳන් හුඟ කාලයක්
තවම නම් ලැබුණෙ නෑ
දුක්වෙලා වැඩක් නෑ

ලැබෙයි කියලා හිතන්
හිත හදන් හොයනවා
කීපයක් හම්බුනා
ඒත් හරියන්නෙ නෑ”

“බැට්‍රියක් හොයනවා ?”

“නෑ – වකුගඩුවක්”