ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පියෙකිය ඔහු මගේ දියණියගේ ද

පියෙකිය ඔහු මගේ දියණියගේ ද

පියුමි ජයකලණි වික්‍රම ආරච්චි - ලන්ඩනය
2024-January

කුඩා සිඟිත්තියකගෙ
කෙහෙ රැළි කඩා
තෙල් බිඳක් දමා
කොණ්ඩ කරලට ගොතා
හැඩ බලන…
ආදරේ යැයි කියන…
පියෙකිය
ගීතයක….කවියක සිටින

ඔහු වැනිය හැම ඉරියව්වක්ම ඇගේ…
හුරතල් මුහුණක්ය
පියකරු සිනහවක්ය
වටකුරු ඇස් දෙකක්ය
ඈ සතුව

අප අතර පවුරක්ව අහුරන්න
ඒ පුංචි ඇස් දෙකට පුලුවන
පුදුමයි
මට ආදරේ හිතෙන්නෙත් ඒ ගැන
ඇය තමයි අපි වෙන්කර තබන වෙඩිල්ල

ඔහු
මා කියවූ අගනාම
සුරංගනා කතාවක
ජීවමානව සිටි
හොඳ පියෙක්ය
මගේ දෝණිගේ නොවන