ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රන්වන් හූනන්…!

රන්වන් හූනන්…!

දක්ෂිණී සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා - දෙහිවල
2022-January

 

හූනු සාස්තරේ කියල
ඉස්සර තිබුණලු…
මූණු එහෙම, “චුක්” සද්දෙට
ඇඹුල්ම වනවලු…
ගෑණු, යන්න තියෙන ගමන්,
පහුවෙල යනවලු…
“දානු ඕව අහකට”, කිය
බැනුමුත් ඇහුනලු…

සාලය කැත කරපු හූනො
දැමුවත් එලවලා…
කාලය ටික ටික ගතවී
එවුනුත් රජවෙලා…
මාලයකට පෙති, කරාඹු
රනිනුත් නිමවලා…
තාලයකට පෙන්වූ කල
ගැහැණුත් රැවටිලා…

“චුක් චුක්” ගෑ හූනොත් දැන්
කන ලඟටම වෙලා…
“හික් හික්” ගා හිනැහෙනවලු
පැනයක් විමසලා…
“දැක්කත්, හඬ ඇහුනත්, එලවූ
අප හොඳ වෙලා..,
මක්කද ඒ පෙරලිය? දෙනු
අපහට පහදලා..! “