ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වයසක අලියා

වයසක අලියා

කල්ප පල්ලියගුරුගේ - එක්සත් රාජධානිය
2021-August

කස පුපුරන හඬ ඇහෙන විට පෙරහැර එන බව දන්නවා
පෙරහැර එන විට අලි ඉන්නා බවද දන්නවා
අලි බලන්න පෙරහැර බලනවා
පෙරහැර බලන විට අලි පේනවා

ටික ටික අලි දැන් වඳවී යනවා
කැලා වල අලි දැන් ගම් වලට වඩිනවා
ගම්වල හිටි අලි දැන් ටෙලිෆෝන් පස්සේ දුවනවා
එකින් නොකී අලි ගහනය අඩු වෙලා තියනවා

අලි රැකීම සැමගේ යුතුකම බව දන්නවා
වන සංරක්ෂණය කල යුතු බව පේනවා
අලි නැති වුනේ – කලේ කවුරුද බව රට්ටෝ දන්නවා
අලි වඳවීමේ වග ලඟ ලඟ දීම දැනෙනවා

අලින්ට කතා කරන්න බැරි බව දන්නවා
එත් සමහර අලි දැන් ටෙලිෆෝන් එකෙන් කතා කරනවා
බොහෝ අලි දරුණු ආයුධ වලින් නැති කරනවා
තවත් අලි කාටත් නොකියම කැලා වදිනවා

මහලු නායක අලි රැල දාලා නොයන බව පේනවා
තරුණ අලි නායකයන් වෙන්ඩ හීන මවනවා
තරුණ මහළු අලි එක මග නොයන බව පේනවා
එය අලි වද වීමට බලපානවා