ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

එනුමැන පායාලා

එනුමැන පායාලා

සපුමල් බන්ඩාර - ලන්ඩනය
2024-February

ඔබ ආයෙත් පායාලා
අහසම රතු කරවාලා
අදුරු වලා මැද ගෙවුනු අහසයට
ඔබ ආයෙත් පායාලා

නික්මුනු වදනකි දෙසවන රිදවන
මාහද රිදවේ දැන් ඒ පිලිබද
නොසිතා සැලෙනා සිතුවිලි පිටුදැක
එනුමැන ආයෙත් පායාලා

දවසක් ගෙවුනිය කිසිදානොනිමෙන
මැකී ගියානම් එදවස සැමදින
පායා ආවිට ඒ දිනකට පස
මා හද ආයෙත් පිබිදීලා