ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

වසංගතය ටියුෂන්

වසංගතය ටියුෂන්

ලක්ෂ්මි පෙරේරා - ලන්ඩනය
2024-February

යමු පුතා පන්තියට ටියුෂන්
අද සිටන් ඉහලින්ම ඉන්නට
සුසන්තා හැමදාම පෙන්වන
ලකුණු මට්ටම පරද්දන්නට

අනේ අම්මේ දෙන්න අදවත්
පංති සල්ලිය සර් ට දෙන්නට
එසේ නැතිනම් ඉන්ට වෙන්නේ
පංතියෙන් පිට ඔලුව කස කස

නංගි දුටුවද සර්ගෙ රූපය
ටවුමෙ පොස්ටර් පිලිරුවක උඩ?
නලුව වාගේ ඉන්න ලස්සන
සැරයි එනමුත් fees නැතිකොට

ලමයි දෙන්නගෙ පන්ති ගාස්තුව
ගෙදර කුලියට වැඩිනෙ හැම මස
හම්බ කරනා තුට්ටු දෙක
ඉවරයිනෙ මේ ටියුෂන් වැඩේටම

ආච්චි සීයට නැහැනෙ ඉඩකඩ
පෝය දාටත් සිල් ගැනීමට
දරුවො දෙන්නා පන්තියට පසු
ගෙදර එනකොට ඉන්ට වෙයි හෙට

අම්මෙ මට බෑ කන්ට බත් පත
පන්ති යන්නට බඩ පිරෙන්නට
දෙන්න පන්සියෙ සල්ලි කොලයක්
කොත්තු කනවා රුවන් නිතරම

අපිත් පෙරදා ගියා පාසැල
අසා සිටියා ගුරු මෑනි හඬ
ලකුනු ගත්තා විභාගෙන් හොඳ
ඇයෙගෙ ඔවදන් තමයි පිහිටට

නිදහසේ ඉගනුම් පියා
කන්නන්ගර හොඳ මැතිතුමා
සිටියනම් වැලපෙයි හඬා
පාසෙලේ හිස් පුටු බලා