ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

දීර්ඝායු වේවා නන්දා මාලනීය.

දීර්ඝායු වේවා නන්දා මාලනීය.

සුනීතා පෙරේරා - ලන්ඩනය
2023-December

රුක් අත්තන මල මුදුනේ..
බඹරු නටන හැන්දෑව.
සකුරා මල් පිපුණු
ගෙයි දොරකඩ නිල් වන පියස…
මගේ ළමාවියේ – මා මනස සුවපත් කල.

ඔබේ පැල – පැලේ පිල
පිලේ නිදි පැදුර.
කඳුළු අතරින් දිනු..
ඔබ දිවියට සමවූ
මගේ ජීවිතය.
ඉදෙන්නට හැකිනම් බතක් වී..
බතක් නොඉදෙන පැලක රහසින්…
මසිත නිරතුරුවම තවමත් කකියන.. ඔබ හඬින් මා ඇසු මගේද සිතුවිලි.

අසාධාරණයට එරෙහිවූ ඔබ,
බුදුගුණ,
සමානාත්මතාවය, දේශානුරාගය..
ආදරය සමග
සුවහසක් මනුදම්, මා ලපටි මනසෙහි පැලපැදියම් කල ..

ඔබයි, රම්‍ය සඳ කිරණ..ගී ලොව,
මා නෙත වෙළුණු..
ඔබෙයි සොඳුරු හඬ මියැසිය,
ටිකිරි වියේදීම මා හද බැඳුනු..

නිදුක් නිරෝගී වේවා ඔබ
මා හද දිනු කුරවිය.
උපහාර වේවා – දීර්ඝායු වේවා
නන්දා මාලනීය. ❤️🙏