ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

බිකිනි සිහින

බිකිනි සිහින

ලයනල් ගමගේ ඌරුමුත්ත
2022-November

රූමස්සල කන්ද දකින මූදු වෙරළ ළඟ
බිකිනි යටට තුරුලු කරන සුමුදු රෝස හස
ඉලංදාරි බඹරු බලන දාංගලයෙ හැඩ
මගේ හිතට අමතක නෑ හැමදාමත් නුඹ

ගීත ගයන දිය රළ පෙළ තාල හදන විට
සීත සුළං මෝදු කළේ කුලුමදාව හිත
බිකිනි යටින් තිසර තුඩින් කතා කරන විට
කුඩේ යටින් යන්න හිතේ පිට රටකට මට

සඳ එළියට නිල් අහසේ තරු නැළවෙන විට
පුසුඹ හමන විලවුන් දෑ විලුඹ සිඹින විට
රෑට රෑ පුරා සිහිනෙන් බිකිනි බිමට බැස
ඒත් බිකිනි බිම නො සිටී හිරු පායන විට