ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

යමකය —-

යමකය —-

ආචාර්ය රම්‍යා අත්තනායක - මහනුවර
2023-November

සීතල සහ උණුසුම දෙක..

එකම දෙයක අන්ත දෙකකි

නොමැති විටක ආලෝකය….

රජ කරනව අඳුර එතැන

දුක හා සැප එකම තැනය….

හදා ගත්ත මනසක් තුළ…..

සැරිසරනව අන්ත දෙකක….

නිවන ඇත්තෙ තමා තුළය

යමකය වැඩ කරන සැටිය

මිනිස් බුද්ධිය අවදි කර ගෙන

තමා තුළින් දැකිය යුතුමය…. ..

උක්දඩුගොඩ,
පෙතියාගොඩ,
ගෙලිඔය.

2023.10.14