ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කිවිපති මාටින් ජයවර්ධන කිව්සුරු දැයෙන් සමුගත් වගයි

කිවිපති මාටින් ජයවර්ධන කිව්සුරු දැයෙන් සමුගත් වගයි

රාජ්‍ය කලාභුශන, කිවිපති සාසනකීර්ති-දේශාභිමානී ඩබ්ලිව් .කේ .සරත් විමලසිරි
2024-January

රසබර කව් ලියූ ‘විරිතින්’ සුව්සුද්ද
පහනක් වගේ දැල්වුණු හෙළ ගම්බැද්ද
මාටින් ජයවඩන කිවිඳුන් පරසිද්ද
සමුගත් වගයි අවසන මේ අවුරුද්ද

කාටත් වගේ පෙන්වනු වස් බල කවියේ
මාතර දකුණු පුර හොල්ලාගෙන සිටියේ
පාමින් අවැසි තැන බලතල කවි අවියේ
නෑ වෙන කෙනෙක් ඔබවන් සිටි මේ යුගයේ

පොත්පත් ලියූ කව් බස කවියටම නගා
අත් පොත් තැබූවො කර ඇත කවිය වගා
ඇත්තට නොදුන් කාටත් කිසි ව්ටෙක නිගා
සත්තයි ඔබේ නම පවතියි සතර දිගා

ගගුලක් ගැලූ ලෙද කී කවු හිටිවනම
මොහොතක් පමණ හෝ නිහඬව දුටුවනම
අඳුරක් කොහිද කවි සඳ දිලි නුබගැඹම
පවුරක් වුණියැ ඔබ බලයට පරපුරම

නැති කොතැනක වුවද යවහන් කව් දෝශ
නිති පත්තර වලට කව් ලියූ ස්වදේශ
සතියෙන් කල් ගෙවු සිටියෙද කොහි වාස
ගති ඔබෙ අමරණීයයි ගුණයෙන් පෝෂ

සවනට මී පොදක් දෙනු වස් රස දන්න
කලකට මතකයෙන් නොගිලිහී වැජඹෙන්න
ගමනට ගිමන් නිවෙනා තුරු සමුදෙන්න
නිවනට හනික නොගොසින් යළි මෙහි එන්න

28/12/2023