ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මම රුකක්

මම රුකක්

සුදර්මා වීරක්කොඩි
2023-August

මහා තණකොළ යායක
තනිව සිටගත්
සැලෙන නොසැලෙන
රුක් රැජින මම
මහා සුලගෙත් තනිව
සීත පින්නෙත් තනිව
හිමේ හිරිගඩු පිපෙන
කීරි ගැහුනත් තනිව
සැලෙන සුලගේ පවන
සුසුම් කොට හිත් නිවන
මහා අසෙනි වැස්සකදි
කදුලු පොදි ගලාගිය
හෙට උදේ දලු දමා
අනිද්දට මල් පිපෙන
දලු නැතත් මල් අතර
සුවද විහිදුවන මම..