ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අයිකනය

අයිකනය

සුනේත්‍රා අලුත්දුන්නෙ - මාතලේ
2022-January

 

දැමුවෙමි මුහුණු පොතට
මම, මගේම පින්තූරයක් ,
වියපත්ව ගිය මෙකල.

සිටිනා ලෙස සැබැවින්ම
පින්තාරු නොකර
ඇස ,තොල හෝ වත

දැකගනු පිණිස අඩසියවසක්
ඉක්ම ගිය තැන මා
එසැටියෙන් ,
දත් නොදත්
මුහුණු පොතේ මා සකියන්ට.

නොවිණි එකදු හෝ
කොමෙන්ටුවක්
හද පාරවන
“ලස්සනයි”
“ලස්සනයි”
“තාමත් ඉස්කෝලේ යන
කාලේ වාගෙමයි ”
දත් නොදත් සියල්ලන්
එලෙසින් කියයි.

ඉසියුම් ප්‍රහර්ෂයක්
පළමුව…….

එහෙත් සිතුණි මට එක්වරම

“මොනතරම් උදාසීන ද
ඒ පැසසුම් ගොන්න ?”

එහෙත් බාරගතිමි සටහන් කොට
හදවතක් ඒ සැම ඉදිරිපිට
සිඹින කලෙක මෙන් දැනුණි
මට එවිට
ඉටිමල් මිටක් සුගන්ධය රහිත

මදින් මද කුදුවෙන
අවපස සඳ දුටිමි
ගගනතින් එසඳ…..