ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

අමුතු එකෙක් ~

අමුතු එකෙක් ~

චරිත් හිරිපිටිය - ර/ඇඹි/ශ්‍රී බෝධිරාජ විද්‍යාලය
2023-July

ඇයි මේ
පවුඩර් උලාගෙන
බලාපන්කෝ හැටි,
තොලුත් රතු කරගෙන !
කොහේද යන්නේ
මේ හදිස්සියේම ?

“ගමන ජීවිතය
යන්නෙ දිනන්න”
අමුතුම උත්තරයක් !

එකක් ගත්ත
උඹ ඇයි
ගන්නෙ අද
දෙකක් ?
පේන්නේ එක වගේ
හැබැයි ටිකක් වෙනස් !

“අඳින්නනෙ ගොනෝ
කන්න නෙවෙයි
මට දෙකක් !
උදව් කරපං
තෝරගන්න මට එකක් !”

දාගෙන ඇවිදින්
සපත්තු දෙකක්,
යන්නෙ ඇයි උසින්
තවත් අඩියක් ?

ටිකක් අමුතුම තමයි
හැබැයි,
උහුත් අපේම එකෙක් !
උහුත් මිනිහෙක්නේ,
ඉතින් ඇයි උහුට වෙනසක් ?

තවත් ප්‍රශ්නයක් ?
එපා තියන්න,
මගෙ කවියට
තිතක්…!