ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ හෘද සාක්ෂිය….

මගේ හෘද සාක්ෂිය….

නයනශාන්ති දිසානායක
2023-October

ඈ මගේ බිරිද….
මං අකමැතිම තරහ උනාම ‘දික්’ කරන් ඉන්නවට
ඒත්, මම දන්නේ නෑ කැමති ද කියලත් එකට එක කියවගෙන
රණ්ඩු කෙක්කක් වගේ එල්ලි එල්ලි ම එනවටත්…
ඒත්.. ඇයි ඈ එහෙම ‘දික්’ කරන් ඉන්නේ..
මගේ කිසිම කිසි වැරැද්දක් ඇත්තේ ම නැතුවම ද..
මම කැමතියි ද ඈ කියන දෙයක් කනක ට ගන්න..
ඈ කී දෙයක් ඇත්ත වෙනවට එහෙම..
ඒක මට මදි පුංචි කමක් නොවෙයි ද ඈ ලග
අහංකාර මගේ හිත ඈ ගැන ඊරිසියාවෙන් නොවේ ද…
බොහෝ වෙලාවට ඈ හරියටම හරි..
ඈ නිහඩ උන, මම හිතුවක්කාර උන..
නාස්තිකාර මගේ අත් හදා බැලීම් ලග
සල්ලි මම හම්බකරා ම උනත්..
ඈ හිතුවේම මං ගැන, මේ කූඩුව ගැනම ..
එහෙත්, ඈ දරා හිද ම උර දුන්නේ නොවේද..
මගේ හීන වෛවර්ණ ගන්ණන්න.. අත් නොහැර මා..
ඈ, ඈව අත හැර.. ඇගේ හීන අත හැර
මගේ හීන මත්තේම සැනසෙන්න ආ ඈ..
තපස්වර වී ද මා දමනය වී නිවීගිය..
තාමත් පිරුණු ඇගේ ලැම.. පුළුලුකුල.. පැද්දෙනා නිතඹ
රසදුන් වූවාට යනෙන මග තොට.. ඈ ඉතිං වැරදියි ද..
රැකිය යුතුම ද පති දම් ම සති පූජා කරන්නට
තනිව යහනක සුසුම් හෙලමින්.. විදවමින්..
අතර මග .. මේ ලෙසට.. අතැර.. හුදකලා කොට.. ඈ..
ඒ උනත්, තාම ත් ඈ ඇගේ හැගුම් සගවාන
හදවතේ බරට මා දරා සිටිනා ඈ ගෙන්
මා මේ දුරස් බව, ආගන්තුක බව බිදිය යුතු නොවේද..
අඩුම තරමින් තුරුළු කොට උණුහුම් ව
එක ම එක සෙනෙහසේ හාදුවකින් වත්
ඈ එයින් සැනහෙනවා සත්තමයි.. මම දන්නවා..
ඈ මගේ බිරිදයි..
අහංකාර මගේ හිත ඉඩ දෙයිද ඒකට..

2023/09/08