ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කාලයේ දඩුවමක්

කාලයේ දඩුවමක්

වජිර ජයවර්ධන
2022-August

ලස්සනයි මේ මොහොත
කිව්වාට තත්පර කට්ට
නවතින්න බැහැ බිදක් වත්
දුවන පෙරහැරේම තමයි
විනාඩියා නම් ටිකක්
පැය කාරයා හුඟක්
විඳිනව දැනෙන විදියට
ඒත් බැහැ නවතින්න
කිසිම මොහොතක එක තැන

ගඟකට හමු වුනොත්
ලස්සනම ඉවුරක්
පුලුවන්ද නවතින්න
එකම එක මොහොතක්

ගලා යන ජීවිතේ
ඇසට හරි සහනයක්
අකාලයෙ මතක
කාලයේ දඩුවමක්