ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඒක කෙහෙල් මලක්!

ඒක කෙහෙල් මලක්!

වෛද්‍ය කමල් විතාරණ - කොල්චේස්ට - එංගලන්තය
2022-December

වත්තවටේ දැක්කා මං ලස්සන මල් ගොඩක්
බඹරු ඇදුනි රොන් ගන්නට නැතුව ඉවක් බවක්
පෙළක් බඹරු රොන් ගත්තේ ආදරයෙන් උනත්
තලා පෙලා රොන් ගෙන යන එවුන් දැක්ක මමත්

සැඟවෙන්නට තිබුනානම් මල් අත්තේ ඉඩක්
රොන් නොදේවි එන එන බඹරුට කිසිදා මලක්
මලටත් තටු තිබුනානම් ඉවස නොඉද තවත්
ඉගිලයාවි මල් අත්තේ නොරැඳී තව තවත්

ඔය අතරේ මම දැක්කා බඹරු නොදුටු මලක්
හඬ හඬ හිටියා හොදටම මටත් දැනුනි දුකක්
අනුකම්පාවෙන් ලංවී බැලුවා මම ටිකක්
ආදරයක් දැනුනෙම නැහැ ඒක කෙහෙල් මලක්

2022 වසරේ අවසන් කවිය