ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මගේ ආදරය

මගේ ආදරය

මාලිනී හෑගොඩ - USA
2024-January

ආදරේ කැටි කරමි රූපෙක
අඳිමි මම එය ඈත තරුවෙක
හුදෙකලාවේ සිටින මොහොතක
ඈත අහසට යොමනු මැන නෙත

වලාකුළු සළු අඳින අහසක
තරු වැසී නොපෙනෙනා මොහොතක
යළි ඔබේ තනි කම මකන්නට
ලියන්නම් කවි වලා පෙළ මත

ආදරේ නම් තව වෙලාවක
සියුම් ස්වරයකි නැගෙන තාලෙට
කන් යොමනු තනිවූ ඇසිල්ලක
දිග ඇරෙන මීවන ළපල්ලක

ආදරේ තව වෙනස් රූ ඇත
ගලන ගඟුලක, සයුරු රැල්ලක
කිසිම අඩුවක් නැතුව ඔබ වෙත
ගලා විත් ඔබ සිත තෙමනු ඇත