ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ආපහු පන්තියට…..

ආපහු පන්තියට…..

වෛද්‍ය සමන්ත කේ. සෙනවිරත්න
2022-February

සීනුවට අවනතව
හරිබරි ගැහී පුටුවක
බොහෝ මිතුරන් මැද
පන්තියක සුදු ඇඳුම් ඇඳගෙන

සිංහල පොතක කවි පෙළ
සංගීතයේ තාලය
තවෙකෙක් ඇන්ද චිත්‍රය
විඳ ගනිමි මම නිහඬව

පිට්ටනියෙ ගිනි අව්ව
කොට්ටම්බා ගහක සිසිලස
තිබහට බිව්ව වතුරද
ලොව නැත රසක් සමවන

කිසි දුකක් නොදැනුණ
හිස මත බරක් නොතැබුව
අතමිට කාසි නැතුවද
දවස ගතවුණි සැබෑ සතුටින

සිහිනයක් බව දැන දැන
මම වසමි තවම එය තුළ
ආපහු ඇවිත් කුමටද
පියවි ලොව ඒ සතුට නැති සඳ