ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඔබ එක නුවරක , මං තව නුවරක

ඔබ එක නුවරක , මං තව නුවරක

අනුරුද්ධ වැලිගමගේ - මිසිසාගා - කැනඩාව
2023-July

මල්වර අහසේ නෙතු පැටලෙනවා හැංගෙන්නට ඉඩ නෑ.
මගේ සිතේ ඔබ ගැන සිතුවිල්ලට සාර සදිසි මල් නෑ
පෑන් තුඩින් කවි ගී ලියැවෙනවා අහන් ඉන්න ඔබ නෑ
සෙනෙහස පුදසුන පැතුම් ලබන්නට මගේ හිතට පිං නෑ

තරු පිරිවර පිරි රෑ නිල් අහසේ සුසුදු සුමුදු සද නෑ
මාසෙ පෝයදා වාගෙයි මගේ හිත එළිය බිදක් එහි නෑ
ලස්සන මල් පිරි උයන් කොනක සිටි මතකය වියැකී නෑ
ලෝකය ඔහොමයි පොත්වල කිව්වත් මගෙ හිත පිළිගනු නෑ

වාසනාව , පෙර කල පින් පව් ඇත්තද මං දන් නෑ
මතකය, තනිකම කදමලු බැදගෙන ඒ මග ඔබ නම් නෑ
රගහල අදුරුයි , රැගුම අපුරුයි සතුටක් මා සිත නෑ
ඔබ එක නුවරක,මං තව නුවරක ඔබ මා ළග අද නෑ