ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පහයි විස්සා

පහයි විස්සා

ලාල් හෑගොඩ  
2024-February

සිත අවදි විය,
නෙතද පිබිදුනි.

නිර්නාමික විහඟා
හැඬුවේ නැත තාමත්
ඌ හඬන්නේ පහයි විස්සට

කොයින්ද ඝටිකාවත් උහුට
හැමදාමත් පහයි විස්සට
නිරුත්තර පැනයකින්
පෙළෙමි සැමදා

දිනක අලුයම පිබිදී,
නොපෙනී යන තෙක් තාරකා
බලාසිටියා

සිතිජයටත් එපිට ලොවක හිඳ
නොඉඳුල් එළිපොදක් පැමිණ
සිප ගත්තා වලා දෙකපොල
රත් පැහැවන තුරු

අන්න විහඟා හැඬුවා
දැන් පහයි විස්සයි

සොයාගත්තා සොයාගත්තා
ප්‍රීතියෙන් ප්‍රීතියෙන් කෑ ගැසුවෙමි.
අසල්වාසීන්ද නිදි ගැට ලෙහෙමින්
අවදි විය
සොයාගත්තා සොයාගත්තා
ඝටිකාව විහඟාගේ

පසුවදා අ ̈යම
හැමදෙනෙක්ම අවදිවී
ඔරලෝසුත් අතේ බැඳගෙන
අඳුරු අහස් කුස බලා සිටියා
පහයි විස්ස වන තෙක්

වළාකුලක්
රත් පැහැ ගත්තේ නෑ
ඉන්පසු කවදාවත්…

මෙම කවි සන්ග්‍රහය බාගත කරගන්න.