ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ඕමාර් ඛයියාම්ට අභියෝගයක්

ඕමාර් ඛයියාම්ට අභියෝගයක්

ආචාර්ය පාලිත ගනේවත්ත - ඔස්ට්‍රේලියාව
2022-December

වීදුරු ගැටෙන හඬ
කිංකිණි සිනා හඬ
මදු විතෙන් බමන හිස
ගත අතැර දුවන සිත

රස අහර පිරි ලොවක්
ගතට සුව දෙන ලොවක්
දුක සෝක නැති ලොවක්
වැනිය මෙය සුර ලොවක්

මදු විතෙන් වෙලාගත් සියොලඟම නිරතුරව
ඉඳුරන් ද අඩපණව අයාලේ දුවන සිත
සැහැල්ලුව නොම දැනේ ඛයියාම් කී විලස
මේ මොහොත ගැන සිතුම නොහැක එය පිළිපැදුම

පාව යයි මව් බිමට
මදු විතෙන් බරවු සිත
සෝක සංකා ගෙනේ
තතු නිබඳ සිහිපත්ව

ඛයියාම් නොහැක මට
පිළිගන්ට ඔබ කියුම