ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මහිමි උපහාර

මහිමි උපහාර

නාලිනී කොඩිකාර - මෙල්බන් නුවර
2021-October

ඉමක් කොනක් නැති ජීවිත සයුරේ
රැළි පිට රැළි මැද දිය සුලි අතරේ
වෙරළක් සොයනා කිඳුරිය විලසේ
සිටිනා මොහොතක – වෙරළට ගොඩ බට
මා ගලවා ගත් කිඳුරිඳු ඔබ මට

කිසිදා කිසිවිට – නපුරක් කෙරුමට
ඉඩක් නොදී මා – සුරකින විලසට
දැලක් එලා මා – රැක ගත් තෙද ඔද
සිහ රජ, ඇත් රජ, මහ රජ ඔබ මට

ලියැවුණු කවියෙක මිහිර හඳුනනා
ඇඳුණු සිතුවමක අගය පවසනා
සෑදූ අහරක රසය අගයනා
රසවතෙකි, ගුණවතෙකි ඔබ මට

නිල් දිය කඳුරේ සිසිලස ඔබමය
හිරු රැස් දහරේ උණුසුම ඔබමය
මහ සැඩ සුළඟේ රිද්මය ඔබමය
කඳුලක් පිසිනා සෙනෙහස ඔබමය

විටෙක මට සොහොයුරෙකි
විටෙක මට ගුරු තුමෙකි
මා කළණ මිතුරාණ
මුළු සොබා දම ඔබය.