ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සොයම් උණුසුම් පුවත ..

සොයම් උණුසුම් පුවත ..

ප්‍රීති පෙරේරා - තලවතුගොඩ
2023-May

කන්නලව් යාදිනි ඇසෙන්නට නැත
ගන්ටාරය නිහඬය කුළුණ මත
කුටීරය දොර වසා ඇත
සොයම් නව උණුසුම් පුවත

දරුණු කිළුටක් හසු වුන විටෙක
බිය බිරන්තව අසුබ නිමිති දැක
චකිතයෙන් බැතිමතුන් සැදැහැති
බේරි ඉන්නට යාද තිරුපති

තරුණිය වැලිකතර වෙන්දේසියක
පිහිය ගත් සරසවි පෙම ට්‍රැජික
අහස් මාලිග සිද්දියේ රහස්
රටක් ඇවිලූ බ්‍රේකිං නිව්ස්

සියොළඟ ගලන දාහය පිස දමනා
දැකුළු මල් කඩා පිරිසිදු කරන දනා
ගඩොල සිමෙන්තිය නහවයි කහ වතුර
ඩාංඩාං හඬ පැතිරේ යළි මෙපුර

17.04.2023