ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

නවමු ලෙසකින් අමාවක සඳ

නවමු ලෙසකින් අමාවක සඳ

විශ්‍රාමික ආචාරිනි රංජනී ජයසිංහ
2022-February

තරු සැඟවුන අහසෙ
හුදෙකලාව හිනැහෙන
නුඹත් හරි ලස්සනයි
අමාවක දාට රෑ

පුරා හඳට ලියැවෙන ගී
ඔබ වෙනුවෙන් නොලිව්වාට
නිදි නොමැති දෑසට
රසඳුනකි ඔබ දසුන

මෙතෙක් ඔබ කියව ගත්තේ
පාලු හදවත් කුලකයේ
තවත් එක් අංශුවක් ලෙස
ඒත්….

හීනියට විවර වන කවුළුවේ
හීනි හිඩැසින්
ඔබ තුළින් මා දුටුවේ
හීනියට මෝදු වන
සංසාර පුරුද්දක
හීනි සෙවනැල්ලක
සොඳුරු සේයාවක්මය..

රෑ පුරා රැව් දෙන
රැහැයියන්ගේ ගැයුම
අඳ්‍රරට පෙම් බඳින
වවුලන් ගෙ රස කතා
නොඉඳුල් සුවඳ හමන
සේපාලිකා මල් පලස
කොඳමල් පිරිවරා
සිනාසෙන තඹුරු පෙති
පුන් සඳට වාගේම
නුඹටද ලෙන්ගතුයි…

මතක සටහන් පොතේ
දිනෙන් දින මෝදුවන
දිගම දිග කතාවක්
ලියා නිමවෙන දිනයෙ
දැනෙනා සැහැල්ලුව
ඔබටත් දැනේවි…

සොළොස් කලාවන්
ටිකෙන් ටික සපුරා
පුන් සඳක් ලෙසින් ඔබ
දොරට වඩිනා දිනයෙ….