ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පරාජය….!

පරාජය….!

ලලනී ගීකියනගේ - රත්නපුර
2023-September

උයන් කෙළි කවට මල් කුමරියන් කෙරෙන්…!
අරන් රොන් රසය මල් කුමරෙකුගෙ තුඩෙන්….!
පවන් වැද සැලුන මල් මකරන්ද සෙමෙන්..!
සුරන් යහන සලසා සුරඟනට හොරෙන්…!

මලින් උපන් මල් කුමරිගෙ ලීලෙ පුරා…..!
ගලින් කල පිළිම නොසැලී සිටී දරා……!
උනුන් මත නැහුනු කාලය මියෙන තුරා…… !
කලින් ගිය නුවන ඇතු ලඟ ආල නුරා…!

පවන් රැලි රැගෙන හිරු දාහය
නිවුනේ…!
වියන් රන් පතින් කුමරුට ආ වැඩුනේ..!
බවුන් වැඩි තපස බිඳ සසරට ඇළුනේ….!
ඉතින් පරාජය හිමි ඔබටයි ලඳුනේ…..!.