ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

රට වටේ වැට ගසනු

රට වටේ වැට ගසනු

මහාචාර්ය ටී. එල්. ගුණරුවන්
2022-August

වල් ඌරු රැළ කැකුණ ගෙඩි තලන වෙලේ

හබන් කුකුළට නොවෙ ද රජ මඟුල මලේ ?

පුරවැසින් හබ කරත බෙදී තම පිලේ

දැයේ උරුමය වැටෙයි සොර සතුරු දැලේ

හොඳ වෙදුට ඉඩ දුන ද සිහි සිඳින නිලේ

දෙමු ද අවයව සොරුට සැත්කමට බලේ ?

වකුගඩුව ගැලවුණොත් ඉඳිත සැත් හලේ

සුව විණැයි රැවටිලා කිම ද ඇති පලේ ?

වෙන්දේසි කරුවන්ට ආ විටදි දළේ

රට-දැයෙහි හතර කොන අලෙවි වෙයි පොළේ

හෙට දිනක් පතන්නන් ගොනු වෙලා රැළේ

රට වටේ වැට ගසනු, ඇතොත් සිහි මොළේ ….!