ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

මේ තිරස් මනදොලෙහි සිරස් අභිනයයි

මේ තිරස් මනදොලෙහි සිරස් අභිනයයි

නීතීඥ වසන්ත තෙන්නකෝන් - ලන්ඩනය
2023-March

කොහොලින් බරව අදිමදි කලෙමි ඈ හා රැඟුම
මුමුණමින් මියුරු ගීයක් මා දෑත ගත් ඈ හෙමින් තෙපලීය
රඟන්න මා හා තුරුළුව උණුසුම් වනතුරු සිරුර
මේ තිරස් මනදොලෙහි සිරස් අභිනයයි

ඔපලූ යකඩ තලයක පතිත දිය සේ පාවුනෙමු අපි ඔබමොබ
සිතුසේ පෑවෙමු රැඟුම් කිව නොහැක වචනයෙන් ඇගෙන් මා ලද භාවය
පැතිරෙයි සංගීතය දසත ක්‍රමයෙන් උණුසුම් වෙයි සිරුර
හ්ම් මේ තිරස් මනදොලෙහි සිරස් අභිනයයි

නොවූවත් හැඟුම්බර පැතුවෙමි විසුම ඇය හා මුලුරැය
ඈ විදුලි පහන් අඳුරු කල තෙපලීය රහසින් ලංව
සුහද, නටන්න මා සමඟ මුලුරැය මියෙන තුරු සඳ හා තරු කැළ
මේ තමා තිරස් මනදොලෙහි සිරස් අභිනය