ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

පසක් වේවිද නුඹට ?

පසක් වේවිද නුඹට ?

නිසංසලා දිසානායක - නුගේගොඩ
2021-September

සුපිපුන මලක, මල් පෙත්තක..
සිනිදු සුසිනිදු බව…
සොදුරු සමණළ තටුවක
මුදු, සුමුදු, සුමට බව..
පියාසරණ විහගෙකුගෙ
පිහාටුවක සැහැල්ලුව…
දැනේවිද නුඹෙ සිතට..!

හිමිදිරි උදෑසනක දිදුලන
පිණි බිදුවක නැවුම් බව…
ගත සිත සනහා හමන
පවන් රොදක සිසිලස…
දැහැන්ගත හුදකලාවක
සංගීතයේ මිහිර…
වැටහේද නුඹෙ හිතට….!

මල් පිපුණු වසන්තය
පතුරුවන සුගන්ධය..
නිල් ගුවන සිත්තම් කරන
දේදුන්නෙ සොදුරු බව..
ඝණ අදුර මැද සැලෙන
වැහි බිඳක සුන්දරත්වය…
හදුනයිද නුඹේ හිත…..!

නුඹ ගැනම සිත සිතා
ගෙවෙන හැම මොහොතකම…
සෙනේහෙන් මුසපත් ම’සිත
හද ගැහෙන රිද්මයට…
මගේ දිවි මන්සලට
නුඹෙ පෙම අවැසි බව…
පසක් වේවිද නුඹට…!