ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

කණගාටුවෙන් දැනුම් දෙමු …

කණගාටුවෙන් දැනුම් දෙමු …

වයි. සමන්ති - කඩවත
2022-April

ඉංදියන් සාගරේ ගඳ ග’ගා

ඕජස් ගලන මිනියක් පාවෙනා

US සාටකේ එල්ලිලා

මැරුනාද මැරුවාද  දන්නෙ නෑ

චීන පනුවෝ රහ වැටී

මොලේටත් උන් රිංගතී

කඩමාළු ඇදි වතත් ගලවලා

මේඩ් ඉන් ඉංදියා බෝඩ්

එකකුත් එල්ලලා…