ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

සිතින් වෙන් නො වීමි…

සිතින් වෙන් නො වීමි…

ඉෂංකා මිහිරි කුමාරතුංග
2023-July

සගවා ලයේ ඉකි බිඳුමන්
හීන පුරනා සිතේ බැදුමන්
තණ්හාවක නොරදවා සිතකින්
වීදි සරමී නුඹව සොයමින්…

දිය කරවා කදුලු මුරුගසන් වරුසාවේ
පා කරනා සුසුමක හද ගී රාවේ
එදා වාගෙම අදත් අඳුර අතරින්
නුඹව විදිනා සිතකි අදරින්…

මතක ඉල්ලා ජීවිත චාරිකාවේ
සින්න කරවා බොදවූ ප්‍රාර්ථනා වේ
අවසරයක් ඉල්ලා බිඳුවක මතකේ
නුඹව සිඹිනා පාද චාරිකාවයි රහසින්….

යටියන්තොට